රාජිතගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේපයි

(කොළඹ, ලංකාපුවත්) – සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලු අපේක්ෂිත ඇප අයැදුම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) මෙම අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණ. අද (20) එය සලකා බැලිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේ එම ඇප අයදුම්පත කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මෙම සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණ.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වු ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − two =