සහල් මිල ගැසට් කරයි

(කොළඹ, ලංකාපුවත්) –සම්බා සහා නාඩු සහල් කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් නියම කරමින් ගැසට් පත්‍රයක් ඊයේ(19)රාත්‍රියේ නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.

මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙම ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රිය වෙන්න කලින් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය සඳහන් කර ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම සිල්ලර මිල නියම කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *