උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථාතත්වයට

(කොළඹ, ලංකාපුවත්) –උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේවන විට යථාතත්වයට පත්කර ඇතැයි බව දුම්රිය පාලක මැදිරිය ප‍වසයි.

ධාවන කටයුතුවලට බාධා සිදුවුයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙනි. පස්කන්ද ඉවත්කර මාර්ගය පිරිසිදු කිරිමට දුම්රිය සේවකයන් සහ පොලිසිය කටයුතු කළේය.

මේ අතර මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලි පැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරිමේ කටයුතු තවදුරටත් සිදුවේ. එබැවින් සියලු මාර්ගවල දුම්රිය ධාවන කටයුතුවලට තවමත් බාධා පවතින බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *