සැහැල්ලු යතුරුපැදි සඳහා නීතිය තද වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සැහැල්ලු යතුරුපැදි ලියාපදිංචි කිරිම අනිවාර්ය කර තිබේ. එම යතුරුපැදි ධාවනය කිරීමේදී ආරක්ෂක හිස්වැසුම් පැලදීමද අනිවාර්ය කර ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරයි.

ඒ පිලිබදව රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන 27 වනදා ආරම්භ වේ. ඉන්පසුව උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන අංශයේ සහකාර පොලිස් අධිකාරි කපිල අබේනායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *