අදත් දිවයින පුරා වැසි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව.2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා වැසි තත්ත්වය අද(23) දිනයේදී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100-150 පමණ ඉතා වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම පළාතෙත් අම්පාර,මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.75-100 පමණ තද වැසි ද ඇතිවිය හැකියි. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මි.75 පමණ තරමක් තද වැසි ද බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 පමණ තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *