ඉසුරු උදාන IPL පිටියට

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩකයන් 300කට අධික ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා සහභාගී වූ අතර ඉන් ක්‍රීඩකයන් 50කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් අට සඳහාමිලදී ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14ක් අතුරින් වෙන්දේසියේ අලෙවි වූ එකම ක්‍රීඩකයා වූයේ ඉසුරු උදාන පමණි. ඒ ඉන්දීය රුපියල් ලක්ශ 50කට විරාට්කෝලි නායකත්වය දරන RCB කණ්ඩායමටය.

ඒ අනුව එලඹෙන IPL තරඟවාරයේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන පිලිවෙලින් මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්කණ්ඩායම් නියෝජනය කිරීමට නියමිතය.

ක්‍රීඩක වෙන්දේසියේදී වැඩි වශයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මිලදී ගැනීමට කණ්ඩායම් අයිතිකරුවන් උත්සාහ කල අතර මෙවරවෙන්දේසියේ ඉහලම වටිනාකමක් හිමි වූයේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ටය.

එය ඉන්දීය කෝටි 15.75කි.

IPL ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙක් අලෙවි වූ ඉහලම වටිනාකමද එය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − ten =