නෝත්‍රදාම් දේවස්ථානයට මෙවර නත්තල අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –වසර 200ට වැඩි කාලයකින් පසු මෙවර නත්තල් දේව මෙහෙය පැවැත්වීම ප්‍රංශයේ ඓතිහාසික නෝත්‍රදාම් දේවස්ථානයට අහිමි වී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ හටගත් ගින්නෙන් පසු සේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදු වෙමින් පැවතීම හේතුවෙන් මෙලෙස දේව මෙහෙය වෙනත් දෙව් මැදුරකදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව මෙම දේවස්ථානය අසලම පිහිටි ශාන්ත ජර්මේන් එල් ඇක්සෙරොයිස් දේවස්ථානයේදී එය පැවැත්වේ.

නෝත්‍රදාම් දේවස්ථානයේ පිළිසකර කටයුතු සම්පුර්ණයෙන් අවසන් කිරීමට වසර 5 කට වැඩි කාලයක් ගතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ප්‍රංශ සංස්කෘතික අමාත්‍යංශය පැවසුවේ ඩොලර් බිලියන 1 කටආසන්න මුදලක් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වැයවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *