වසර 40කට පසු කියුබාවට අගමැතිවරයෙක් පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කියුබාවේ නව අගමැතිවරයා ලෙස මනුවෙල් මරේරෝ කෲස් පත්කර තිබේ.

ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් විසින් මෙලෙස අගමැතිවරයා ලෙස පත්කර ඇත්තේ එරට සංචාරක අමාත්‍යවරයාවයි.

1976 වසරේදී කියුබාවේ විප්ලවකාරී නායක ෆිදෙල් කස්ත්‍රෝ විසින් එරට අගමැති ධුරය අහෝසි කරනු ලැබීය. ඉන් පසුව නැවතත් අගමැති ධුරය ස්ථාපිත කෙරුණේ පසුගිය වසරේ සිදු කෙරුණු නව ව්‍යවස්ථා සංශෝධනය යටතේය.

ඒ අනුව කියුබාවට නව අගමැතිවරයෙකු පත්වන්නේ වසර 40 කට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =