නත්තල් දා මත්පැන් අලෙවිසැල් වැසේ – පැමිණිලි දැනුම්දීමට කෙටි අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – නත්තල් උත්සවය නිමිත්තෙන් 2019 දෙසැම්බර් මස 25 වැනිදා දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලුම මත්පැන් වෙළඳසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අනුමැතිය දී තිබේ.

ඒ අනුව එම මත්පැන් වෙළඳසැල් 2019 දෙසැම්බර් මස 24 වන දින ඒවා වසා තැබිය යුතු වේලාවේ පටන් 26 වැනිදා ඒවා විවෘත කළ යුතු වේලාව දක්වා වසා තැබිය යුතු බව දැනුම් දී ඇත.

සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි 25 වැනිදා සහ ඊට ආසන්න කාලසීමාව තුළදී විශේෂ මුර සංචාර හා ග්‍රහණ කටයුතු සිදු කිරීමටත්, සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමටත් සියලු සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ

එහිදී නීති විරෝධී මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම් යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම දිනයන් හීදි මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීම සඳහා අංක 1913 දරණ කෙටි දුරකතන මාර්ගය පැය 24 පුරා විවෘතව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *