ලබන මස සිට Semi Luxery බස් අහෝසියි

(කොළඹ, ලංකාපුවත්) – අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම් බවත් එම අහෝසි කිරීමේ කටයුතු ලබන මාසය තුළ සිදු කරන බවත් ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඊට අදාළව මේ වන විට සියලුම පියවර ගෙන ඇති බව අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

මෙම බස් සේවය අහෝසි කිරීමෙන් පසුව හැකි නම් එම බස් රථ අධිවේගී මාර්ගවල අවම මිලක් යටතේ ධාවනය කිරීමට ඇති හැකියාව සම්බන්ධව සොයා බැලීමට නියමිතය. විශේෂයෙන් දුරබැහැර සිට සේවය සඳහා පැමිණෙන කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට එම බස් රථ යොදා ගත හැකිද යන්න පිළිබඳ සොයා බලන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *