දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයන් 3 ක් ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ (23)රාත්‍රී 7.00ට පමණය.

ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ කන්ටේනර් රථයේ පිටුපස ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ. විදේශිකයින් ඉන්දියාවේ සිට මෙරට සංචාරයක නිරත වූ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයින් අතර 44 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක්, ඇයගේ 18 හැවිරිදි පුතු සහ ඥාතියෙකු සිටින අතර අනතුරෙන් තුවාල ලැබු ඇයගේ ස්වාමි පුරුෂයා සහ දස හැවිරිදි දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය වෑන් රථයේ රියදුරු 52 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *