මහ බැංකුවට නව අධිපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා පත් කර තිබේ.

ඒ මහතා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා වශයෙන් අද (24) මහ බැංකු පරිශ්‍රයේදී වැඩ භාර ගෙන ඇත.

1994 සිට 1999 දක්වා වකවානුව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට ඒ මහතා ඉටු කළ සේවය වෙනුවෙන් 2005 වසරේ දී මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *