ශ්‍රී ලාංකේය කාන්තාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩමුළුව සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකේය කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා වන මුලික ප්‍රතිපත්ති සහ සැළසුම් සකස් කිරීමේ ජාතික වැඩමුළුවක් දෙසැම්බර් මස 21 සහ 22 යන දිනයන්හි කොළඹ ට්‍රේස් සිටිහිදී (Trace City) පැවැත්විණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

විශේෂයෙන්ම 2025 වසර වන විට මෙරට කාන්තාව ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිතව ඔවුන්ගේ ජීවන තතත්වය උසස් මට්ටමකට ගෙන ඒමේ ක්‍රියාකාරී සැලැස්මක් කෙටුම් පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
තවද මෙහිදී තරුණ කාන්තාවන් වැඩිහිටි කාන්තාවන් ව්‍යාපාරයන්හි නිරත කාන්තාවන් තරුණියන් ආදී වශයෙන් කාණ්ඩ පහක් යටතේ ඔවුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමද මෙහිදී සිදුවිය.

විශේෂයෙන්ම විවිධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් හි නිරත කාන්තාවන්ට සිය ව්‍යාපාර දේශීය හා විදේශිය වෙළෙදපොල වෙත ගෙන යාමට සමාජ මාධ්‍යජාල වඩාත් අර්ථවත් ලෙස යොදා ගැනීමට අවශ්‍යය පුහුණුව ලබා දීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.

සුහුරුලිය කාන්තා නියෝජිතයින් ප්‍රතිපත්ති සම්පාදකයින් සමාජ ක්‍රියාකාරීන් සිවිල් සමාජ නියෝජිතයින් පරිපාලන නිලධාරීන් කාන්තා සංවර්ධන නිලධාරීන් ඇතුළු 350 පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී මට්ටමින් ක්‍රියාත්මක සුහුරුලිය සහ ස්මාට් සමාජ කව වඩාත් ළුලදායී ලෙස බල ගැන්වීමද මෙමගින් සිදු කෙරේ.

රාජ්‍ය අංශයේ කාන්තා නියෝජනය ද ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ජාතික ආර්ථිකය වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යයතාවයද මෙහිදී හදුනා ගැනිණි.ඒ සදහා යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් විය.
මෙම යෝජනා පදනම් කරගත් ක්‍රියාකාරී සැළැස්මක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියෝජිතායතනය අපේක්ෂා කරයි.

නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *