සෞදි මාධ්‍යවේදී ජමාල්ගේ ඝාතකයන් පෝරකයට

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට සෞදි අධිකරණය කටයුතු කර තිබේ.

එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙකුට වසර 24ක් බැගින් සිර දඬුවම් නියම කර තිබේ. පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි අරාබි කොන්සියුලර් කාර්යාලය තුළට සිය අවශ්‍යතාවයක් සඳහා ගිය මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය කරනු ලැබුවේ එම තානාපති කාර්යාලය තුළම සිටි සෞදි රජයට සම්බන්ධ පිරිසක් විසින් බව හෙළි විය.

ආන්දෝලනාත්මක මෙම සිදුවීම සම්බන්ධයෙන් ලොව පුරා අවධානය යොමු විය. ජමාල් කෂෝගී සෞදියේ ඔටුන්න හිමිකුමරු මොහොමඩ් බින් සල්මාන් සහ එරට රජ පවුල සම්බන්ධයෙන් මතභේදාත්මක පුවත් පළ කළ මාධ්‍යවේදියකු වන අතර පසුව ඔහු ජීවිතාරක්ෂාව පතා අමෙරිකාවට පලා ගොස් සිටියේය. ජමාල් කෂෝගී ඝාතනයට ලක්වන විටත් අමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත් පතේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *