ජනවාරියේ සිට වැලි වලට සාධාරණ මිලක්

(කොළඹ, ලංකාපුවත්) –විවිධ මිලගණන් යටතේ අලෙවිකරන වැලි සඳහා ලබන ජනවාරියේ සිට සාධාරණ මිලක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

වැලි අලෙවි කිරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හමුවක් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එක් එක් ප්‍රදේශවල විවිධ මිල ගණන් යටතේ වැලි අලෙවි කිරීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයද ගැටළු මතුවී තිබේ. ඊට විසඳුම් ලෙස සාධාරණ මිලක් හඳුන්වාදීම සිදු කරන බව ඒ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 13 =