මගීන් 100ක් සමඟ කසකස්තානයේ ගුවන් යානා අනතුරක් – 09ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මගීන් 95 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු සමඟ කසකස්ථානයේ අල්මාටි ගුවන් තොටුපලෙන් ගුවන් ගත වූ ගුවන් යානයක් අනතුරට ලක්ව ඇත. අනතුරින් යානයේ ගමන් ගත් නව දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්ව ඇත්තේ අල්මාටි සිටි නූර් සුල්තාන් අගනුවර වෙත් පියාසර කළ බෙක් එයාර් සමාගමට අයත් ගුවන් යානයකි.

යානය ගුවන්ගතකර සුළු මොහොතකින් නගරයේ ඉහළින් වූ කොන්ක්‍රීට් බාධකයක ගැටී දෙමහල් ගොඩනැඟිල්ලක් මතට කඩා වැටී ඇත.

ගුවන් යානය අල්මාටි නගරය ආසන්නයේම අනතුරට ලක්ව ඇති අතර සහන සේවකයින් එම ස්ථානයට පැමිණ මෙහෙයුම් ආරම්භ කර ඇත.

කසකස්තානයේ ජනාධිපති කාසිම්-ජොමාර්ට් ටෝකයෙව් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ. එසේම අනතුරට හේතුව තීරණය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කර ඇති බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + two =