(කොළඹ, ලංකාපුවත්) –නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතාව එම රෝහලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයා තවදුරටත් එම රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මේ අතර හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබන රෝහල් පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.