සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවූ නීලක සඳරුවන් සහ ඔහුගේ සහයකයන් තුන් දෙනෙකු හොරණ කිරිගල්හේන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සිදුකළ වැටලීමක් මගිනි. සැකකරුවන් ළඟ තිබී තියුණු ආයුධයක් සහ කේරල ගංජා ප‍්‍රමාණයක් ද සොයා ගෙන ඇත.

මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කොල්ලකෑම් වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =