කාජල්ගේ රුවත් මැඩම් තුසෙඩ් කෞතුගාරයට

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ්හි ජනප්‍රිය නිළි කාජල් අග්‍රාවල්ගේ ඉටි පිළිරුවක් සිංගප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී නිර්මාණය කිරීමට සූදානම් වේ.

ඇය පසුගියදා ඊට අවශ්‍ය කරන සිය සිරුරේ උස, පළල ලබා දී තිබුනු අතර එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා පළ කර තිබේ.

කාජල් අගර්වාල් යනු ලොව පුරා විශාල රසික රසිකාවියන් පිරිසක් භුක්ති විඳින ඉහළම නිළියකි. කාජල්ගේ ඉටි රුව 2020 පෙබරවාරි 05 වන දින ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී එළිදැක්වීමට නියමිතය.

කජල් අගර්වාල් මේ වන විට ඇගේ මීළඟ හින්දි චිත්‍රපටය සදහා මුම්බායි සාගා හි රූගත කිරීම්වලට එක්ව ඇතැයි ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *