චාර්ල්ස් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.

මීට පෙර ඇය කටයුතු කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසය. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙසද ඇය කටයුතු කළාය.

පී එස් එම් චාර්ල්ස් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරියක ලෙස මඩකලපුවේ සහ වව්නියාවේද සේවය කර අත්දැකීම් ලැබූ නිලධාරිණියකි.

ඇය උතුරු පළාතේ ආණ්ඩුකාර තනතුරට පත්වූ පළමු කාන්තාවවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *