නැඳුන්ගමුවේ රාජා වෙනුවෙන් සමරු මුද්දරයක්

(කොළඹ, ලංකාපුවත්) – දළදා කරඬුව වැඩම කරවීමේ හස්තීන්ගෙන් ජ්‍යෙෂ්ඨතම හස්තියා වන නැඳුන්ගමුවේ රාජාගේ රුව සහිත සමරු මුද්දරයක් නිකුත් කිරීම අද(30) සිදුකෙරේ.

නැඳුන්ගමුව ප‍්‍රදේශයේදී උත්සවාකාරයෙන් එය සිදුවනු ඇත.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් එම කටයුත්ත සිදුවේ.

මෙවැනි හස්තියෙක් ඇගයීමට ලක් කිරීම අගය කරන බව නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වර්තමාන හිමිකරු වන වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා සඳහන් කළේය.

නැඳුන්ගමුවේ රාජා හස්තියා තම නිවසට ගෙනවිත් වසර 41 ක් සම්පූර්ණ වන බව වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *