ලංකාවේ පළමු වරට කෙසෙල් තන්තු ආශ්‍රයෙන් ඇඟළුම් නිෂ්පාදන ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පළමු වරට කෙසෙල් කෙඳි භාවිතා කර රෙදිපිළි හා ඇගලුම් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. එය කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හදුන්වා දෙන ලදි.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා ඇගළුම් හා පේෂකර්ම ආයතනය විසින් හදුන්වා දුන් මෙම ව්‍යාපෘතිය මගින් නිපදවන ඇගළුම් හා රෙදිපිළි අපනයනයෙන් වාර්ෂිකව අමෙරිකා ඩොලර් මිලියන 25ක ආදායමක් ලබා ගැනීමට අපේක්‍සා කෙරේ.

ශ්‍රී ලංනායේ වානිජමය ම්‍යෙන් හෙක්ටයාර 53,000ක කෙසෙන් වගා කර තිබේ. ලෝකයේ කෙසෙල් වර්ග 1000ක් හදුනාගෙන ඇති අතර ඉන් වර්ග 25ක් ශ්‍රී ලංකාවේ දැකිය හැකිය. කෙසෙල් කඳින් ලබා ගන්නා කෙඳි සකස්කර ගැනීමෙන් පසුව මෙසේ රෙදිපිළි නිෂ්පාදනය සදහා භාවිත කරයි.

මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ නවෝත්පාදන සඳහා සෑමවිටම දිරි දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව රජය කැපවී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“කෙසෙල් තන්තුවෙන් නිපදවූ රෙදිපිළි හා ඇඟළුම් එළිදැක්වීමේ අවස්ථාව මෙම අමාත්‍යාංශයේ වැඩ බාරගත් පසු මා සහභාගී වන වැදගත්ම අවස්ථාව ලෙස සලකනවා. අපි මහත් උජාරුවෙන් කියනවා විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් හිටියා, අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයට ඊටත් එහා ඉතිහාසයක් තිබෙනවා කියා. එහෙම ඉතිහාසයක් තිබුණාට ඊට ගැළපෙන වර්තමානයක් අද අපට නැහැ. ඊට හේතුව වූණේ අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙන ආකාරයට විවෘත ආර්ථීක සුළඟ හැමීම. ලෝකයේ ප්‍රබල රටවල් තමන්ගේ රටේ කර්මාන්ත බිඳ වැටෙන ආකාරයට වෙළෙඳපොළ විවෘත කිරීම සිදු කළේ නැහැ. නමුත් අපි අපේ දොරටු විවෘත කළේ ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැතිව, අපේ කර්මාන්ත හා නිෂ්පාදන බිඳවැටෙන ආකාරයට. ඒ අවාසනාවන්ත ඉරණමට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය මුහුණ දුන් බව අපි දන්නවා.

“එවැනි තත්ත්වයකට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ඇද වැටී තිබියදී තමයි කෙසෙල් තන්තු යොදාගෙන මෙරටදී රෙදිපිළි නිෂ්පාදනය කිරීම ඇරඹෙන බවට සුබ ආරංචියක් ලැබෙන්නේ. අද කාබනික පොහොර යොදාගෙන වගා කෙරෙන ආහාර වර්ගවලට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇතිවෙමින් තිබෙනවා. එසේම කාබනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවන ඇඳුම් පැළඳුම් සඳහාද ලෝක ප්‍රජාවගේ උනන්දුවක් ඇතිවී තිබෙනවා. කපු පුළුං ආශ්‍රිතව නිපදවෙන රෙදිපිළි සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබියදී තමයි අපට අපේ රටෙන් ඇසෙන්නේ කෙසෙල් තන්තුවෙන්ද රෙදිපිළි නිපදවිය හැකියි කියා.

“කාබනික මූලාශ්‍ර සහිත රෙදිපිළි කර්මාන්තය යටතේ දැනටමත් ලෝකයේ කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපදවන ඇඳුම් ප්‍රමාණය ලොව නිපදවන සමස්ත ඇඳුම් ප්‍රමාණයෙන් 1%ක වෙළඳපොළක් අත්කරගෙන තිබෙනවා. 2017 වසර තුළ එම කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපදවූ ඇඳුම් සඳහා තිබෙන ඉල්ලුම 10%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි ලෝකයේ අනාගත පාරිභෝගිකයා කාබනික පදනමක් සහිත ආහාර මෙන්ම ඇඳුම් පැළඳුම්වලටද නැඹුරු වන බව. ඒ නිසා අපි මෙම කෙසෙල් තන්තු රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සමාජගත කිරීම සඳහා අමාත්‍යාංශය ලෙස කළ හැකි සියල්ල කිරීමට සූදානම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *