ලොව වයස්ගතම රයිනෝ මියයයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව වයස්ගතම යැයි සැලකෙන රයිනෝ සත්වයා මියගොස් තිබේ. ෆවුස්ටා නමැති මෙම සත්වයා මියයන විට වයස අවුරුදු 57කි.

ලොව වයස්ගත කළු රයිනෝ සත්වයා ලෙස ෆවුස්ටා සැලකේ. මෙම සත්වයා මියගොස් ඇත්තේ ටැන්සානියාවේදී ය. ස්වභාවික හේතු මත මරණය සිදුව ඇති බව පශූ වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

නැගෙනහිර කළු රයිනෝ ලෙස සැලකෙන ෆවුස්ටා ප්‍රථම වරට වර්ෂ 1965 දී එන්ගෝරොන්ගෝ ප්‍රදේශයේ දී දැක ගැනීමට හැකිවී තිබේ. වයස අවුරුදු 54කට වැඩි කාලයක් අදාළ ප්‍රදේශයේ මෙම සත්වයා සැරි සැරූ නමුත්, වියපත් වියේ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අභය භූමියක විශේෂ ප්‍රතිකාර ලබාගනිමින් අවසන් වසර කිහිපයක ගත කළේය.

රයිනෝ සත්වයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 37ක් 43ක් පමණ වන අතර, ඉතා කලාතුරකින් අවුරුදු 50ක් පමණ රයිනෝ සත්වයෙක් ආයු වළඳන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

සීග්‍රයෙන් වඳ වී ගෙන යන සත්ත්වයින්ගේ ලැයිස්තුවට ද මෙම සත්ත්ව විශේෂය ඇතුළත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − five =