විදුලිසැර වැදීමෙන් එකම පවුලේ තුන්දෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –මාතලේ, උකුවෙල, ගුරලවෙල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරින් එකම පවුලේ , මව, පියා සහ ලේලිය මියගොස් පත්ව ඇත.

පියා රා මැදීම සඳහා ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු පිළිබඳ සොයාබැලීම සඳහා බිරිඳ, දියණිය සහ ලේලිය ගොස් ඇති අතර එම අවස්ථාවේදී මොවුන්ට විදුලි සැර වැදී තිබේ.

සිද්ධියෙන් දියණියට හානියක් සිදුව නැතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =