ස්විස් නිලධාරිනිය ඇප මත මුදා හැරීමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

නාදුනන පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් හිරිහැර කොට ස්විස් තානාපති කාර්යාලයේ විස්තර ඇසු බවට කියමින් මෙම කාන්තාව පැමිණිලි කර තිබු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී ඇය ප්‍රකාශ කළ කරුණු පරස්පර බවට හෙලිවිය.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මතය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරික්ෂණ සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =