උසස් පෙළ සමතුන් මාස 06න් සරසවියට

(කොළඹ, ලංකාපුවත්) –මෙවර උසස්පෙළ විභාගයේදී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන් එම විභාග ප්‍රතිඵල නිකුත් වී මාස 06ක් ඇතුළත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

දැනට පවතින ක්‍රමවේදය අනුව විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් ඊට ඇතුළත් කර ගැනීම සඳහා වසර එකහමාරක කාලයක් ගත වේ. මීට පෙර පැවති උසස්පෙළ විභාග සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් මේ වනවිටත් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්ව නොමැත.

එබැවින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර උසස්පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන් මාස 06ක් තුළ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත අතර ඒ කටයුතු ලබන ජනවාරි මස සිට ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *