සිඩ්නි නගරයේ ගිනි කෙළි සංදර්ශන අවලංගු කරන්නැයි පෙත්සමක්

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නව වසර උදාව වෙනුවෙන් පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශනය අවලංගු කර ඊට වැය කරන මුදල ලැව්ගිනි පාලනය සඳහා යොදවන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ ගණනක් යෙදූ පෙත්සමකින් සිඩිනි ජනතාව ඉල්ලා සිටියි.

මෙම පෙත්සම්කරුවන් පවසන්නේ පසු ගිය වසරේ සිඩ්නි නගරයේ ගිනි කෙළි සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.8ක් වැය කර ඇති බවයි.

එසේම ලැව්ගිනි වලින් නගරයට ඇති වී තිබෙන තර්ජනය පමණක් නොව ගිනි කෙළි වලින් නිකුත් වන දුම ද පරිසරයට තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වුවත් සිඩ්නි නගරාධිපති ක්ලෝවර් මුරේ පවසන්නේ නව වසර පිළිගැනීමේ ගිනි කෙළි සංදර්ශනය සුපුරුදු පරිදි පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *