රිය අනතුරකින් ගුවන් හමුදාවේ 04ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ – දුම්මලදෙනිය ප්‍රදේශයේදී අද (31)අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුර ත්‍රිරෝද රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුව තිබේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ 4 දෙනාම එම ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර ඔවුන් ගුවන් හමුදාවේ සාමාජිකයන් බවට අනාවරණ වී තිබේ. මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගී වී ආපසු එමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබේ.

මිය ගිය පුද්ගලයින් කහටගස්දිගිලිය, බල්ලපාන සහ කොස්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වරකාපොල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + nine =