වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා අද සිට විශේෂ වැටලීම්

(කොළඹ, ලංකාපුවත්) –වැඩි මිලට සිමෙන්ති අළෙවි කරන පුද්ගලයන් සොයා විශේෂ වැටලීම් අද(31) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. රජයේ බදු සහන ජනතාවට ලබාදීම එහි අරමුණ වේ.

සහල් වැඩි මිලට අළෙවි කළ පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එම් එස් එම් ෆවුසර් මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදුකරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *