නව වසරේ ගිනිකෙළි අනතුරු අඩු වීමක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර නව වසර උදාවත් සමඟ වාර්තා වූ අනතුරුවල අඩු වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කළේය.

පසුගිය වසරේ ගිනිකෙළි අනතුරු 19ක් සිදුව ඇති නමුත් මෙවර සිදුව ඇත්තේ ගිනිකෙළි අනතුරු 4ක් බවත් එය පෙර වසරට වඩා සියයට 78ක පමණ අඩු වීමක් බවත් කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

තවද ඊයේ (01) රාත්‍රී 8.00 සිට ගතවූ පැය 12ක කාලය තුළ කොළඹ ජාතික රෝහලට විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 646 දෙනකු ප්‍රතිකාර සඳහා පැමිණ ඇති අතර එම සංඛ්‍යාව පසුගිය වසරට (2019) සාපේක්ෂව යම් අඩු වීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *