හම්බන්තොට අධිවේගය මාර්තුවට පෙර විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටස මේ වසරේ පළමු කාර්තුවේදී ජනතා අයිතියට පත්කරන බව මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඊයේ (01) නව වසරේ වරාය අමාත්‍යාංශයේ රාජකාරි ඇරඹීමෙන් පසුව සේවකයන් අමතා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ කිලෝමීටර් 96කින් සමන්විත මෙම කොටස පළමු කාර්තුව තුළ අවසන් කර ජනතා අයිතියට පත්කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *