හපුතලේ ගුවන් අනතුර ගැන පරීක්ෂණයට කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –හපුතලේ ප‍්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් මගින් පරීක්ෂණය සිදුකරන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

ගුවන් අනතුරෙන් එහි ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා සහ නිරික්ෂකයින් දෙදෙනා ද මියගියේය.SQUADRON LEADER වීබැද්ද,FLIGHT LIEUTENANT කුලතුංග , සැරයන් කුමාර සහ නායක ගුවන් භට හෙට්ටිආරච්චි යන පිරිස මෙහිදී ජිවිතයෙන් සමුගත්තේය.

ගුවන් ආවේක්ෂණ කටයුතු සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගතවූ Y 12 යානය ගිනිගෙන කඩාවැටී ඇත්තේ හපුතලේ නගරයට ආසන්නයේදීය.

මේ අතර ගුවන් යානය කඩාවැටුණු ස්ථානයේ පිහිටි නිවසක සිටි කාන්තාවක් ද තුවාල ලබා ඇය හපුතලේ රෝහලට ඇතුලත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *