මෙරට සංචාරක පැමිණීම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු පහත වැටී තිබූ සංචාරක කර්මාන්තය දෙසැම්බර් මාසයේ ඉහළ ගොස් තිබේ.

මේ අනුව 2019 දී සංචාරකයන්ගේ පැමිණීම මිලියන 1. 9ක ඉලක්කය කරා ළඟා වී තිබේ. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසු වැඩිම ආදායමක් ලැබුණේ දෙසැම්බර් මාසයේදීය. ඒ සංචාරකයන්ගේ පැමිණීම 241,663ක් ලෙසයි.

2018 වර්ෂයේ පැමිණි සංචාරක පිරිස වන මිලියන 2.3 ක් හා සසඳන විට තවමත් 18% කින් අඩු වී ඇත. 2019 දෙසැම්බරයේ පැමිණීම පෙර වසරට වඩා 4.5% කින් අඩු වී තිබේ.

ශ්‍රී ලංකාව මුලින් 2019 සඳහා සංචාරකයන් මිලියන 2.5ක් ඉලක්ක කර ගත් නමුත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අගෝස්තු මාසයේ පශ්චාත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් එය සංශෝධනය කරමින් සංචාරකයන් මිලියන 2.1ක් පමණ අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබිණි . ඒ අතරින් 10%ක අඩුවීමක් පෙන්නුම් කරයි.

පාස්කු ඉරිදාට පසු අප්‍රේල් මාසයේ දී ඩොලර් බිලියන 1.5ක ආදායම් අලාභයක් ඇස්තමේන්තු කර ඇති අතර, පැමිණීමේ ප්‍රමාණය 30% කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

පාස්කු ඉරිදා ඛේදවාචකය, දේශපාලන අස්ථාවරත්වය, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉක්බිතිව මහජන සම්බන්ධතා සහ අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කිරීම ප්‍රමාදවීම වැනි හේතු අතර වුව රටේ ධනාත්මක හේතුව ලෙස ඉස්මතු වූ ජනාධිපතිවරණය යන කරුණුවලින් පසු දෙසැම්බර් මාසයේ දී වාර්තාගත ලෙස කර්මාන්තය ඉහළ යමින් පවතින බව හඳුනාගත හැකිය.

සංචාරකයන්ගේ පැමිණීමේ ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ 2019 මුල් මාස තුන තුළ පමණක් වන අතර, 2018 වසරේ එම කාලයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ දී ඉහළම 252,033 ක් 7% කින් ඉහළ ගොස් තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම තියුණු ලෙස පහත වැටුණු නමුත් ඔක්තෝබර් සිට ශීත කාලය තුළ ක්‍රමයෙන් දියුණු වී ඇති බැව් හඳුනාගත හැකිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා වන වැදගත් අංශයක් ලෙස පිළිගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *