විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරිම සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථාන කදවුරේය.

පැය 24 ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරිය ක‍්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා සදහන් කළේය.

සංවිධානාත්මක අපරාධ කන්ඩායම්, කප්පම්කරුවන්, නීතිවිරෝධී අවි භාවිත කරන්නන් , මත්ද්‍රව්‍ය , මත්පැන් ජාවාරම් සහ පාරිසරික වැරදි ඇතුලු සිද්ධීන් පිලිබදව මහජනතාවට තොරතුරු ලබාදීමට හැකියාව පවති. ඒ 0112-580518 සහ 0112-058552 දුරකථන අංකවලටය. 0112-588499 ෆැක්ස් අංකයට ද තොරතුරු ලබාදිය හැකි බව විශේෂ කාර්ය බලකාය පවසයි.

තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාව හෙළිනොකෙරේ. මෙහෙයුම් මැදිරියට ලැබෙන නිවැරදි තොරතුරු රටපුරා ස්ථාපිත විශේෂ කාර්ය බලකා කදවුරට කඩිනමින් යොමුකර විමර්ෂණ කටයුතු සිදුකිරිම සැලැස්මවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *