බස් රථයක් තුළ සිසුවිය දූෂණය කර ඝාතනයට ලක් කළ සිව් දෙනාට මරණ වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) –දිල්ලියේ බස් රථයක් තුළ දී 23 හැවිරිදි සිසුවියක දූෂණය කර ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ සිව් දෙනෙකුට ලබා දුන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉන්දීය අධිකරණය මගින් මරණ වරෙන්තුව නිකුත් කරයි.

ආක්ෂේ තාකූර්, විනයි ෂර්මා, පවන් ගුප්තා සහ මුකේෂ් සිං නම් මෙම සිව්දෙනාට මරණ දඬුවම නියම කරන ලද්දේ කඩිනම් නඩු විභාගයක් සිදු කරමින් 2013 වසරේ දීය.

ඒ අනුව ජනවාරි 22 වැනි දා එල්ලා මැරීමට නියමිත මෙම සිව්දෙනා වෙනුවෙන් නීතිමය අභියෝග එල්ල කිරීමට ඔවුන් ගේ නීතිඥයා සැලසුම් කර ඇති අතර එසේ වුවහොත් ඔවුන්ගේ අභියාචනා ප්‍රතික්ෂේප කරන තුරු එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත.

පසුගිය අඟහරුවාදා පැවැති නඩු විභාගයේ දී රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අභියාචනා ගොනු කිරීම මෙය ප්‍රමාද කිරීමේ උපක්‍රමයක් බැවින් එය අභිබවා ගොස් මරණ වරෙන්තුවක් ලබා දෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =