යුක්‍රේන ගුවන් යානයක් මගීන් 180ක් සමග කඩා වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් 180 දෙනෙක් සමග ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටී තිබේ.

බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ටෙහෙරානයේ ඉමාම් කොමේනී ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී විනාඩි කිහිපයකින් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ගුවන් අනතුරින් සිදුනූ ජීවිත හානි පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත.

එසේම ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු කදවුරු වෙත බ්ලැස්ටික් මිසයිල එල්ල කිරීමේ සිද්ධිය හා මෙම ගුවන් අනතුර අතර සම්බන්ධයක් නොමැති බව පෙනී යන්නේ යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *