රන්ජන්ගේ හඬපට ගැන කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුලත් හඬපට සියල්ල පිළිබද කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙය සංකීර්ණ සිදුවිමක් බැවින් විමර්ශන කටයුතු අංශ කිහිපයක් ඔස්සේ මෙහෙයවීමට සිදුවන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පී ජේ නන්දන මහතා සදහන් කළේය.

මන්ත්‍රීවරයා විවිධ පුද්ගලයින් සමඟ පැවැත්වූ දුරකතන සංවාද ඇතුළත් මතභේදාත්මක හඩපට රැසක් මාධ්‍ය වෙත නිකුත් වු අතර ඊට අදාලව පොලිසිය, අධිකරණ සේවා කොමිශන් සභාව මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − six =