ඉරාන ගුවන් අනතුරින් මගීන් 170 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මගීන් 170 දෙනකු රැගත් මගී ගුවන් යානයක් ටෙහෙරානයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් පිටත්ව ගොස් විනාඩි කිහිපයක් ඇතුළත අනතුරට ලක් වී ඇත.

යුක්රේන ජාත්‍යන්තර ගුවන් සමාගමට අයත්බෝයිං 737- 800 යානය ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් පෙරවරු 6.12ට යුක්රේනයේ අගනුවර වන කියිව් බලා පිටත්ව ගොස් ඇති අතර ඊට විනාඩි අටකට පසු කඩා වැටී ඇති බව ඉරාන මාධ්‍ය අනාවරණය කරයි. එම අනතුරින් කිසිවකුට දිවි බේරා ගැනීමට අවස්ථාව නැතැයි ඉරාන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය පවසයි.

එම නිවේදනයෙන් කෙටි වේලාවකට පසු එරටරාජ්‍ය මාධ්‍ය හරහා ඉරාන හදිසි අවස්ථා නිලධාරී හුසේන් කුලිවන්ද් පැවසුවේ එම යානයේ ගමන් ගත් සියලු දෙනා මියගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *