නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් මේ මස සිට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය මේ මාසය තුළදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ වනවිට දේශපාලන පක්ෂ 70 ක් පමණ මැතිවරණ කොමිසම් සභාවේ ලියාපදිංචි වී තිබෙන අතර , එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ ඉල්ලූම්පත්‍ර ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බවයි.

මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛණය එළඹෙන 24 වැනිදා සහතික කිරීමට පියවර ගන්නා බවත් , ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය 2019 ඡන්ද හිමි නාම ලේඛනයෙන් පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *