රටින් පිටමන් කළ මැටිල්ඩා ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2020 ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකික තරුණියක් සුදානම් වේ. ඒ මැතිල්ඩා කාර්ල්සන්ය.

ඇය මෙවර ඔලිම්පික් තරගාවලියේ අශ්වාරෝහක ධාවන අංශය වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ උපන් ඇය රටින් පිටමං කරන්නේ මාස 03ක් වන විටය. ඒ ඇය ස්වීඩන් ජාතික යුවලක් විසින් දරුකමට හදා වඩා ගැනීමට භාර ගැනීමත් සමඟය.

ජර්මනියේ ජිවත් වෙන ඇය මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා තරග වදින්නේ ශ්‍රී ලංකා ධජය යටතේ වීම විශේෂත්වයකි. 2020 ඔලිම්පික් උළෙලේ අශ්වාරෝහක තරග ඉසව්වට අයත් තරග අංශ 3ක් නියෝජනය කරමින් තරග කිරීමට අවස්ථාව උදා වී ඇත්තේ තරගකරුවන් 200 දෙනෙකුට පමණි.

එහිදී කණ්ඩායමකට ඇතුළත් නොවී කේවල තරග සඳහා ඉදිරිපත්වීම සඳහා ක්‍රීඩිකාවන් 15කට අවස්ථාව හිමිවන අතර ශ්‍රේණිගත කිරීම් අනුව ඔවුන් තෝරා ගනු ලබයි.

ඇය ජර්මනියේ, ඇමෙරිකාව ඇතුළු යුරෝපයේ රටවල් වල නමක් දිනා ඇති අශ්වාරෝහක ධාවනියක් ද වේ.

32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ටෝකියෝ නුවර දී මේ වසරේ ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *