අල්ලස් ගත් පොලීසියේ දෙදෙනෙක්ට වසර 28ක සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුවන්ට සිර දඬුවමට අමතරව රුපියල් විසි දහස බැගින් දඩ මුදලක් ද නියම කළේය.

2009 වසරේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝන මස් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබේ.

අදාළ මුදල අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =