ඉරාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – සවුදි අරාබියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ මැද පෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්වය කෙරෙහි අවධානය යොමුකර කටයුතු කරන ලෙස දැනුම් දෙමින්ය. ජනතාව බහුලව වෙසෙන ස්ථානවලින් හැකිතාක් ඉවත්ව සිටින ලෙසද දැනුම්දී තිබේ.

අත්‍යවශ්‍ය කරුණු සදහා පමණක් බැහැරට යාම වැදගත් බව තානාපති කාර්යාලය සවුදි අරාබියේ වෙසෙන ශ‍්‍රි ලාංකිකයන්ට උපදෙස් දෙමින් පෙන්වා දෙයි.

මේ අතර ඉරානයේ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති මාධ්‍ය හමුවේදී ද අවධානය යොමුවිය. මාධ්‍යවේදියෙකු නැගු ප‍්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ඉරානයේ සිටින ශ‍්‍රි ලාංකිකයන් සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =