හපුතලේ ගුවන් අනතුරේ අතුරු වාර්තාව ගුවන් හමුදාපතිට

(කොළඹ, ලංකාපුවත්) –හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාවක් තමාට ලැබී ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම වාර්තාවට අනුව අනතුර සිදුවීමට බලපෑ යානයේ දෝෂයක් මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවයි.

වාර්තාවට අනුව කඩා වැටුණු යානයේ එන්ජිම ඇතුළු කොටස් වැඩිදුර පරීක්ෂාවකට ලක් කළ යුතු බව ගුවන් අනතුර සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටුව ගුවන් හමුදාපතිවරයාට දැනුම්දී ඇත.

අදාළ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා යොමුකර ඇත්තේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගයටයි.

එහිදී ලබාගන්නා තොරතුරු මත මාසයක් ඇතුළත කමිටුවේ අවසන් වාර්තාව තමා වෙත ලැබෙනු ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පැවසීය.

ගුවන් අනතුරට හේතූ සෙවීමට පත්කළ එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *