සියලුම උපාධිධාරීන්ට මාර්තු 01 වැනිදාට පෙර රැකියා

(කොළඹ, ලංකාපුවත්) – මාර්තු මස 01 වැනිදා වන විට මෙරට සිටින සියලු රැකියා විරහිත උපාධිධාරින් සඳහා රැකියා ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

2012 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමට තීරණයක් ගත් බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේය.

පසුගිය ආණ්ඩුව විසින් උපාධිධාරීන්ට ඉතා කුඩා කණ්ඩායමකට සංවර්ධන නිලධාරින් ලෙස පත්වීම් ලබා දුන් අතර මෙවර කිසිදු භේදයකින් තොරව මෙය සිදු කිරිමට සිටින ඔහු පැවසුවේය.

දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව 50,000 කට අධික උපාධිධාරීන් පිරිසක් එලෙස ඇති බව පැවසු අමාත්‍යවරයා, එය කිසිදු භේදයකින් තොරව පාසල්වලට අන්තර් ගහණය කරන බවත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 10 =