ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති ධූරයට මහාචාර්ය ජනිතා ලියනගේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නව සභාපති ධුරයට තෝරා පත් කරගත් මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය එම ධුරයට නිල වශයෙන් පත්කිරීම තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාමඩා හෝටලයේ දී පසුගිය දා සිදු කෙරිණි.

සාමාජිකයන් දස දහසක පමණ ප්‍රමාණයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, ශ්‍රී ලංකාවේ සියලු විද්‍යාඥයින්ගේ ප්‍රධානතම සංවිධානය වන අතර මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය එම සංගමයේ 79 වන සභාපතිනිය වේ.

මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා යන මහත්වරුන්, විද්‍යාභිවර්ධන සංගමයේ සමාජිකයින්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *