අන්දරේගේ අත කඩයි

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට උඩමලල ප්‍රදේශයේ අන්දරේ මියගිය ස්ථානයේ ඉදිකර ඇති අන්දරේගේ පිළිරුවේ වම් අත කඩා දමා ඇති බව එම පිළිරුව නැරඹීමට යන සංචාරකයෝ පවසති.

ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේ සෙන්කඩගල, මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජු සමයේ අන්දරේ නමින් රාජ සභාව සිනහවෙන් කුල්මත් කළ රුහුණේ උපන් මෙම කවියා රජුගේ ආරාධනයෙන් එහි ගොස් රාජසභාවේ සේවය කොට සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ යන ගරු නම්බු ලබා රෝගාතුරව ගම්බිම් බලා එන අතර තුර උඩමලල ප්‍රදේශයේ පලු ගසක් යට හාස්‍ය උපදින ලෙස සිව් දිසාවට තම අත් පා විහිදුවා අවසන් හුස්ම හෙලූ බව කියවේ.

රජයේ මඟින් මෙහි සිහිවටනයක් හා අන්දරේ ගේ පිළිරුවක් ද ඉදිකර ඇතත් මෙම ස්ථානයේ ආරක්ෂාවට කිසි කෙනෙකු නොමැති බැවින් එය මෙම ස්ථානයට බලවත් තර්ජනයක් බව ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් පවසති.

ඓතිහාසික ස්ථානයක් වන මෙය රැක ගැනීම බලධාරීන්ගෙන් වගකීමක් බව මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන අය පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 12 =