ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්වි ඇති දෝෂාභියෝගය අද (16) එරට සෙනෙට් මන්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව සෙනෙට් සභිකයන්ගේ කැමැත්ත මත ට‍්‍රම්ප් තවදුරටත් ජනාධිපතිධුරයේ රැඳෙන්නේ ද යන්න පිළිබදව තීරණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සිය බලතල අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් කොංග‍්‍රස් මණ්ඩලයේ කථානායක සහ ප‍්‍රබල ඩිමොක‍්‍රටික් පාක්ෂිකාවක් වන නැන්සි පොලෝසි මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කළාය . මීට පෙර එය නියෝජිත මන්ති‍්‍ර මණ්ඩලය හමුවේ දෝෂාභියෝගය සලකා බැලු අතර එහිදී පැවැති ඡන්දයෙන් ඩොනල්ඩ් ට‍්‍රම්ප් පරාජයට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 20 =