දිළිදු පවුල්වල සරසවි වරම් ලබන දරු දැරියන්ට නිවාස දීමේ නවවැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – දුප්පත්කම නිසා අසරණව සිටින පවුල්වල සරසවි වරම් ලබන දරු දැරියන්ට නිවාස ලබා දීමේ නවවැඩසටහනක් ආරම්භ කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන ආරම්භ කිරීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගම්පහ, යක්කල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක ක්ෂේත්‍ර පරික්ෂාවට ඊයේ (15) සහභාගී වෙමිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක්සහ යක්කල, ලංකා ලෝහ ආයතනව යාබදව පිහිටි ඉඩමේ ක්ෂේත්‍ර පාරීක්ෂා කිරීමඅමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.යක්කල නගරයට ආසන්නයේ පිහිටි මෙම ඉඩම් දෙකෙහි භූමි ප්‍රමාණය අක්කර 7 කට අධික වේ. එම ඉඩම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි පවතින අඩුපාඩු සහ ගැටළු නිවැරදි කර මායිම් යොදා ඉඩම් වෙන්කරන ලෙස අමාත්‍යවරයා විසින් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

දුප්පත්කම හේතුවෙන් අසරණ වී සිටින පවුල්වල සරසවි වරම් ලබන දරු දැරියන්ටඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාම සදහානගරයට ආසන්නව අංග සම්පූර්ණ නිවසක් එම පවුලට ලබා දීම මෙම නිවාස වැඩසටහන මගින් සිදු වේ. මෙසේ ලබාදෙන නිවාස සදහා කිසිදු අයකිරීමක්නොමැත. සරසවි වරම් ලබන දරුවාට උපාධිය ලබා ගැනීම දක්වා අධ්‍යාපන කටයුතු නිදහසේ සිදු කිරීමට අවශ්‍ය මානසිකත්වය නිර්මාණය කිරීම මෙහි අරමුණ වේ. එම ශිෂ්‍යයා උපාධිය ලබා ගෙන රැකියාවක නිරතව යම් ස්ථාවරයකට පැමිණි පසුවඅදාළ නිවසේ වටිනාකම වාරික වශයෙන් සහනාදායී ක්‍රමවේදයක් යටතේ අයකර එම නිවසේ අයිතිය ලබා දීමටද මෙමගින් කටයුතු කෙරේ.

පසුගිය රජය විසින් නිවාස ව්‍යෘපෘති ඉදිකිරීමේ කටයුතු අවිධිමත් ලෙස පෞද්ගලික අංශයට ලබා දීමට කටයුතු කර ඇති අතර එහිදී විවිධ දූෂණ හා අක්‍රමිකතා සිදු වී ඇත. නමුත් වත්මන් රජය යටතේ එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කර නිවාස ව්‍යාපෘති ඉදිකිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය නිවාස අමාත්‍යාංශය හා ඊට අයත් රාජ්‍ය අයතන මගින් සිදු කිරීමට කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + sixteen =