බස්රථවල ඝෝෂාකාරි ගීත ගැන අද සිට විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – මගී ප‍්‍රවාහන බස්රථවල ඝෝෂාකාරි ගීත සම්බන්ධයෙන් අද (16) සිට විමර්ශන ආරම්භ කරන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

එම ගීත ලබා ගැනීම සදහා නියමිත කාලය ඊයේ (15) දිනයෙන් අවසන් විය. අද (16) සිට එම ගීත ජාතික ගමනා ගමන කොමිසමේ වෙබ් අඩවයෙන් භාගත කර ගැනිමේ පහසුකම් සලසා දී තිබේ. නීත්‍යානුකූල මැදිහත්වීමකට වඩා ආකල්පමය වශයෙන් කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස් රථ සේවකයින්ගෙන් ඉල්ලිමක් කළේය.

ඒ පිළිබදව විශේෂ විමර්ශන වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් කඩුවෙල බස් නැවතුම්පලේ දි අද (16) පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *