රුසියානු අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වේ

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වෙදෙව් ප්‍රමුඛ රුසියානු රජය ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ, ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉල්ලීමකට අනුවය.

ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය දිමිත්‍රි වෙද්මෙදෙව් පැවසුවේ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට සහය පළ කරමින් මෙම තීරණයට එළඹි බවයි.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන දිමිත්‍රි මෙද්වෙදෙව් රුසියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ජනාධිපති පුටින් විසින් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම සිය දැනුම්දීම අනුව ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට ස්තූතිය පළ කර ඇති බව ද සඳහන්වේ.

කෙසේවෙතත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ධූර කාලය එළඹෙන 2024 වසරේදී අවසන් වීමට නියමිතය.

වර්තමානයේ පවතින ව්‍යවස්ථාන අනුව ජනාධිපතිවරයාට යළිත් වරක් ජනාධිපතිධූරයට පත්වීමට හැකිවේද යන්න අවිනිශ්චිත බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 3 =